ලොව වේගවත්ම මිනිසා ලෙස වැජඹුණු ඔලිම්පික් ශූරයා මියයයි | සිළුමිණ

ලොව වේගවත්ම මිනිසා ලෙස වැජඹුණු ඔලිම්පික් ශූරයා මියයයි

වසර 15ක් ලොව වේගවත්ම මිනිසා ලෙස වැජඹුණු ඔලිම්පික් ශූර ජිම් හයින්ස් මිය ගොස් ඇත. 
 
හයින්ස් මියයන විට 76 හැවිරිදි වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
මීටර් 100 ධාවන තරගයක් තත්පර 10කට අඩු කාලයකින් නිමකළ පළමු මිනිසා ලෙස ඔහු සඳහන් වේ.
 
1968 වසරේ දී එක්සත් ජනපද ශූරතා තරගාවලියේදී මීටර් 100 තරගය තත්පර 9.9කින් නිමකරමින් හයින්ස් එම වාර්තාව තැබීය.
 
පසුව එම වසරේ දී ම මෙක්සිකෝ නගරයේ පැවති ඔලිම්පික් තරගාවලියේදී මීටර් 100 තරගය 9.95කින් නිමකරමින් ඔහුගේම වාර්තාවක් බිඳ හෙළීය.  
 
ඔහුගේ ඔලිම්පික් වාර්තාව 1983දී අමෙරිකාවේ කැල්වින් ස්මිත් විසින් 9.93 ක කාලයකින් බිඳහෙළන තෙක් වසර 15 කට ආසන්න කාලයක් පැවතුනි.
 
හයින්ස් 1946 දී ආකැන්සාස් ප්‍රාන්තයේ උපත ලැබූ නමුත් හැදී වැඩුණේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි ය.
 
ඔහුගේ මරණය සම්බන්ධයෙන් ලෝක මලල ක්‍රීඩා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ “එම ප්‍රවෘත්තිය පිළිබඳව දැඩි ශෝකයට පත්වන" බවයි.

Comments